Sunday, May 19, 2024

General line - 0115112241

ඉදිරි සති දෙක ගැන යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක් 




ඉදිරි සති දෙක තුළ වයස අවුරුදු 30 ට වැඩි සියලු දෙනාට එන්නත් ලබාදීම සම්පූර්ණ කිරීමට හැකිවනු ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. 

ඔහු කියාසිටියේ වයස අවුරුදු 20 ත් 29 ත් අතර කාණ්ඩයේ පිරිසටද දිස්ත්‍රික්ක 6කදී එන්නත්කරණය කඩිනමින් සිදුකරන බවයි.

තවත් පුද්ගලයින් හාර ලක්‍ෂ 29,000 කට ඊයේ දිනයේදී කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබෙනවා. 

වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්‍ෂ 55,986 ක්. එහි පළමු මාත්‍රාව පුද්ගලයින් එක් ලක්‍ෂ 39,982 දෙනෙකුට ලබාදී තිබෙනවා. 

දැඩි කතාබහට ලක්ව ඇති ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී පුද්ගලයින් 18,728 දෙනෙකුටත් දෙවන මාත්‍රාව 392 දෙනෙකුටත් ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවල සදහන්.