Sunday, May 19, 2024

General line - 0115112241

මහා පරිමාණ මෝල්වලින් ලබාගත් සහල් තොග කඩිනමින් ජනතාව අතට




පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ මෝල්වලින් ලබාගත් සහල් තොග කඩිනමින් ජනතාව අතට පත් කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසනවා. 

ඊයේ දිනයේ සිය භාරයට ගත් සහල් තොග ඒ අවස්ථාවේදීම සතොස වෙත ප්‍රවාහනය කිරීම ආරම්භ කළ බවයි එම කාර්යාලය නිවේදනය කළේ.

පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ සහල් මෝල් හයක තිබූ සහල් මෙටි්‍රක් ටොන් දහසකට වැඩි ප්‍රමාණයක් ඊයේ දිනයේ රජයට පවරා ගනු ලැබුවා. 

එම සහල් තොග වෙළදපොල වෙත නිකුත් නොකළ සහල් තොග වනවා. ඒවා රජයේ පාලන මිල ගණන් යටතේ පවරා ගැනීමටයි ඊයේ කටයුතු කළේ. 

කෙසේවෙතත් ජනතාව පවසන්නේ ඇතැම් ප්‍රදේශවල තවමත් පාලන මිලට අවශ්‍ය තරම් සහල් ලබාගැනීමට නොහැකි බවයි. 

සීනි ගබඩා රැසක් ඉකුත් සමයේ වැටලුවද සීනි සම්බන්ධයෙන් පවතින්නේ ද ඊට සමාන තත්ත්වයක්.