Sunday, May 19, 2024

General line - 0115112241

රෝහල් ඇදන් 11,000 ක් ඔක්සිජන්වලින් පුරවයි




මෙරට රෝහල් 191 ක ඇදන් 11,000 ක් සදහා ඔක්සිජන් ඇතුළු පහසුකම් ඉහළ නැංවීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ, දැඩි සත්කාර ඒකක සදහා රෝගීන් යොමු කිරීම අවම කිරීමේ අරමුණින්. ඕ ටූ ලයිෆ් ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් බිලියන 3 ක් වැය කිරීමට අපේක්‍ෂිතයි. 

මෙම ව්‍යාපෘතිය යටතේ රෝහල්වල දැනට ඇති ඇදන් 7,500 ක මේ වනවිට සිදුකරන ප්‍රතිකාරවලට අමතරව ඔක්සිජන් ලබාදෙමින් හදිසි ප්‍රතිකාර සිදුකිරීමට නියමිතව තිබෙනවා. 

තවත් ඇදන් 3,500 ක් රෝහල් පද්ධතියට එක් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.