Sunday, May 19, 2024

General line - 0115112241

අල්ලන සීනි සහ සහල්වලට ආණ්ඩුව මුදල් ගෙවීම ගැන ප්‍රශ්නයක්




සඟවා තිබියදී මේ වනවිට ආණ්ඩුව විසින් සිය භාරයට ගනු ලබන සහල් සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සදහා ගෙවීම් සිදුකරන්නේ පසුවට බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. 

ඔහු කියාසිටියේ එලෙස ගෙවන මුදලද පසුව තීරණය කරන බවයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

පාරිභෝගිකයින් සහ ආණ්ඩුව අපහසුතාවට පත් කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා තබමින් වෙළදපොල තුළ කෘතිමව මිල ඉහළ නංවමින් නීතිවිරෝධීව කටයුතු කළ මෙම ව්‍යාපාරිකයින්ගේ භාණ්ඩ ආණ්ඩුව විසින්ම මිලදී ගනු ලැබීම සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අදහස් පළ වනවා. 

ඒ සම්බන්ධයෙන්ද මෙහිදී අමාත්‍ය වාසුදේව නානායක්කාරගෙන් ප්‍රශ්න කෙරුණා.