Sunday, May 19, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිතයින් හදුනා ගන්න අඩු මුදලක පරීක්‍ෂණ කට්ටලයක්




ඇන්ටිජන් සහ PCR පරීක්ෂණවලට අමතරව කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සඳහා අඩු පිරිවැයක් සහිත පරීක්ෂණ කට්ටලයක් හදුන්වා දී තිබෙනවා. එය නිර්මාණය කර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින්.

 එම පරීක්‍ෂණය කට්ටලය මගින් රුපියල් 1,500ක පමණ මුදලකින් කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීමේ පරීක්ෂණ සිදුකළ හැකි වනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ඒ සදහා තිබෙනවා.