Sunday, May 19, 2024

General line - 0115112241

කොරෝනා එන්නතටත් වංචා කළ පිරිසක් ගාල්ලේදී හසුවෙයි




කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන මධ්‍යස්ථානයක දී කාඩ්පත පමණක් සටහන් කරගෙන එන්නත ලබානොගෙන පිටව යෑමට උත්සාහ කළ පුද්ගලයින් පිරිසක් පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා. ඒ, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ එන්නත්කරණ මධ්‍යස්ථානයේදීයි. 

සයිනොෆාම් පළමු එන්නත් මාත්‍රාව සහ දෙවන එන්නත් මාත්‍රාව අද එම මධ්‍යස්ථානයෙන් ලබාදීමට සූදානම් කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එහෙත් එම මධ්‍යස්ථානයට පැමිණි පිරිසක් එන්නත් ලබාගත් බවට සිය කාඩ්පත් සටහන් කරගෙන එන්නත ලබානොගෙන ඉන් පිටව යාමටයි උත්සාහ දරා ඇත්තේ. එය දුටු ආරක්‍ෂක අංශ කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ එන්නත් ලබානොගෙන කාඩ්පත් පමණක් සටහන් කරගෙන ඇති බවයි. 

ඒ අනුව සයිනොෆාම් පළමු එන්නත් මාත්‍රාව සඳහා ද සැකකාර පිරිස මෙම ක්‍රියාවම සිදුකර ඇත්තැයි පොලීසිය සැක පළ කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විමර්ශන සිදුකරන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. සැකකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් ඇප මත මුදාහැරීමට පියවර ගෙන තිබෙනවා.