Sunday, May 19, 2024

General line - 0115112241

මහා පරිමාණ මෝල්වලින් හාල් ගත්ත ඇති ද? ආණ්ඩුවෙන් උත්තරයක්




මහා පරිමාණ සහල් මෝල් වටලා ඒවායේ සහල් තොග සතොස හරහා බෙදාහැරීමට කටයුතු කිරිම සම්බන්ධයෙන් වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද අදහස් පළ කළා. සහල් මෝල් හිමියන් රජය සමග එළැඹි සම්මුතීන් කඩ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

මේ සම්බන්ධයෙන් ගොවීන් පළ කළේ මෙවන් අදහසක්.

පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන් සතු වී මෙට්්‍රක් ටොන් දහසක් පමණ ඊයේ දිනයේ ආණ්ඩුව සිය භාරයටගත් අතර ඒවා කඩිනමින් ජනතාව වෙත ලබාදීමටයි තීරණය කර ඇත්තේ.