Sunday, May 19, 2024

General line - 0115112241

සිංහරාජ රක්ෂිතයට අවදානමක් 




සිංහරාජ රක්ෂිතයේ නැගෙනහිර බෑවුමට මායිම්ව පිහිටි කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති බොහෝ ඉඩම් විනාශ වීමේ අවදානමකට පත්ව ඇතැයි වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය චෝදනා කරනවා. 

එහි කැඳවුම්කරු ජයන්ත විජේසිංහ පවසන්නේ අදාළ ඉඩම් කොටස් කර අලෙවි කිරීමේ සූදානමක් ඇති බවයි.

වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය සෘජුව මෙම චෝදනාව සිදු කරන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිශන් සභාවටයි.

 ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිශන් සභාවේ සභාපති නීතීඥ නිලන්ත විජේසිංහගෙන් නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. 

සංහරාජ රක්ෂිතය යනු යුනෙස්කෝ ලෝක උරුම තෙත් කළාපීය වැසි වනාන්තරයක්. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවට අනුව සිංරාජයේ ඇති ශාඛවලින් සියයට 60 කට වඩා වැඩි ප්‍රමාණයක් හා වන ජීවීන් සියයට 50 කට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ විශේෂ වනවා.