Wednesday, May 8, 2024

General line - 0115112241

ජර්මානු මහ මැතිවරණයේ ප්‍රථිපල ප්‍රමාදවන ලකුණු




ඊයේ පැවැති ජර්මානු මහ මැතිවරණයේ ප්‍රථිපල මේවනවිට නිකුත් වෙමින් තිබෙනවා. 

මෙවර මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූවන්ගෙන් බොහෝ පිරිසක් භාවිත කර තිබුණේ තැපැල් ඡන්දයයි. 

එබැවින් අවසන් ප්‍රතිපල නිකුත්වීමේ යම් ප්‍රමාදයක් සිදුවන බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

කෙසේවෙතත් දැනට නිකුත් වී ඇති ප්‍රථිපල අනුව එරට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඉදිරියෙන් පසුවන බවයි විදෙස් වාර්තා පවසන්නේ. 

අවසන් ප්‍රතිපල නිකුත් වීමෙන් අනතුරුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තවදුරටත් ජය තහවුරු කරගත හොත් එම පක්ෂයෙන් මැතිවරණයට තරග වැදි ඕලාෆ් ස්කොල්ස් ජර්මනියේ මීලග චාන්සලර් ලෙස පත්වනු ඇති. 

එසේම වසර 2005 න් පසුව පළමුවරට පැහැදිළි ජනවරමක් ද සමගින් රජයක් පිහිටුවීමට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත්ව තිබීම විශේෂත්වයක්. 
 
ලොව බලවත්ම කාන්තාව ලෙස කිරුළු දරමින් වසර 16 ක් පුරා ජර්මනියට නායකත්වය දුන් ඇන්ජලා මර්කල්ගේ පාලනය ද මෙම මැතිවරණයත් සමග නිමාවට පත්වනවා. 

කෙසේවෙතත් මර්කල්ගෙන් අනතුරුව ජර්මනියේ බලය රඳවා ගැනීමට ඇය නියෝජනය කළ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයට මෙවර හැකි වී නැහැ. 

කෙසේවෙතත් මැතිවරණයේ අවසන් ප්‍රතිපල නිකුත් වුවද, ජයග්‍රහණය කරන පක්ෂය නව රජය පිහිටුවන තෙක් ඇන්ජලා මර්කල් මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා ජර්මනියේ චාන්සලර් ධූරය දරනු ඇති  බවයි පැවසෙන්නේ. 

ජර්මනිය, යුරෝපයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන බැවින් එරට මහ මැතිවරණය සඳහා මෙවර ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් යොමුව තිබෙනවා.