Tuesday, May 7, 2024

General line - 0115112241

අභ්‍යවකාශයේ පළමු වරට චිත්‍රපටයක් රූගත කිරීමේ තරඟයෙන් රුසියාව පෙරමුණට




අභ්‍යවකාශයේ පළමු වරට සිදුකෙරෙක චිත්‍රපට රූගත කිරීමක් සඳහා රුසියානු චිත්‍රපට කණ්ඩායමක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. 

එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන “ක්ලිම් ෂිපෙන්කෝ” සහ 37 හැවිරිදි රංගන ශිල්පිනියක් වන “යූලියා පෙරෙසීල්ඩ්”  ඊයේ දිනයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටව ගොස් ඇත්තේ කසකස්තානයේ සිටයි. ඔවුන් රැගත් අභ්‍යවකාශ යානය ගුවන්ගත වී පැය 03 කට පසු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ පණිවුඩ හුවමාරු කරගෙන තිබෙනවා. 

ඒ අනුව අභ්‍යවකාශයේ චිත්‍රපටයක් රූගත කිරීම සඳහා අමෙරිකාව සහ රුසියාව අතර පැවති තරඟයෙන් රුසියාව පෙරමුණ ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමෙරිකානු නළු “ටොම් කෲස්” ද නාසා ආයතනය හා එක්ව  අභ්‍යවකාශයේදී චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබුණා.