Thursday, May 16, 2024

General line - 0115112241

නොවැම්බර් මුල සිට පාසැල් සියල්ල ඇරඹීමේ තීරණයක්




නොවැම්බර් මස මුල් සතිය වන විට අදියර 4 ක් යටතේ පාසැල් ආරම්භය සිදුකරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඉන් අනතුරුව විෂය නිර්දේශය ආවරණය කිරීමට සහ දරුවන්ව විභාග සඳහා සුදානම් කිරීමට යම් කාලසීමාවක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ.

කෙසේවෙතත් මේ වන විට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත ගුරු - විදුහල්පති වෘත්තිය සමිති පැවසුවේ සිය අරගලයට විසදුමක් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් පාසැල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. මේ, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්.

මේ අතර ගුරු විදුහල්පති වර්ජනය සහ පාසැල් වසාතැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අද අදහස් පළ වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.

ඊට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

අයවැයෙන් ගුරුවරුන්ට ලැබෙන සහන පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර මෙවන් සංවාදයන් ඇති වුණා.

ගුරු විදුහල්පති වැඩවර්ජනයට මේ වන විට දින 89 ක්.