Thursday, May 16, 2024

General line - 0115112241

කිරි පිටි, සිමෙන්ති, ගෑස් මිල තීරණය තවත් කල් යයි




පාලන මිල ඉවත් කළ සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් සම්බන්ධයෙන් වන නව මිල ගණන් නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීම තවදුරටත් ප්‍රමාද වන ලකුණු පළ වී තිබෙනවා. ගෑස් මිල සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විටත් ක්‍රියාත්මකයි. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දහසකින් පමණ ඉහළ යනු ඇති බවයි.

ග්‍රෑම් 400 යේ පැකට්ටුවක මිල රුපියල් 140 කින්ද, කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රුපියල් 350 කින් ද ඉහළ දැමිය යුතු බවට වන සිය තීරණය අදාළ බලධාරීන්ට දැනටමත් ලබාදී ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී කිරිපිටි ආනයනකරුවන් පැවසුවේ. ඒ අනුව කිරිපිටි වැඩිකරන මිල හෙට දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය පැවසුවේ.

පාලන මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

මේ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ කුමන හේතුවක් මත හෝ අසාධාරණ මිල වැඩිවීමකට සහ භාණ්ඩ හිඟයකට ඉඩ නොතබන ලෙසයි.