Thursday, May 16, 2024

General line - 0115112241

කෝටි 04 ක් වැයකර කෞතුකාගාර භූමියේ තණ පිඩලි ඇල්ලීමට සැරසෙයි




කොළඹ ජාතික කෞතුකාගාර භූමියේ තණ පිඩලි ඇතිරීමට තීරණය කර තිබෙනවා. ඒ  සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 40 ක්. අක්කර 7 ක භූමි ප්‍රදේශයක සිදුකරන මෙම ව්‍යාපෘතිය අදියර 2 ක් යටතේ ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

කෙසේවෙතත් රටේ පවතින ආර්ථික අර්බුධකාරී තත්තත්වය මධ්‍යයේ මෙවැනි ව්‍යාපෘතියකට රුපියල් මිලියන 40 ක් වැනි විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විවේචනාත්මක අදහස් පළ කර තිබුණා. 

මේ හේතුවෙන් නෙත් නිවුස් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධනගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ මෙවැනි ව්‍යාපෘතියක් සඳහා වෙන් කළ මුදල් වෙනත් කිසිදු කටයුත්තකට යොදාගත නොහැකි බවයි. කෞතුකාගාරය යනු සංචාරකයින් සඳහා ආකර්ෂණීය ස්ථානයක් බැවින් එය සිත්ඇදගන්නා සුලු මට්ටමේ පවත්වාගෙන යාමද එක් හේතුවක්. 

සෙසු රටවල් හා සසදා බැලීමේදී ඔවුන්ද මෙවැනි ස්ථාන සඳහා ආකර්ෂණීය පෙනුමක් ලබාදී ඇති බවයි අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ. දැනට කෞතුකාගාර පරිශ්‍රයේ ඇති තණ පිඩලි ආශ්‍රිතව ජලය එකතුවී මඩ වී, අපවිත්‍ර වී ඇති බැවින් මෙලෙස අලුතින් තණ පිඩලි ඇල්ලීමට තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.