Wednesday, May 15, 2024

General line - 0115112241

කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර ගැන තීරණයක්




බස්නාහිර පළාතේ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා සහන කාලයක් ලබාදී තිබෙනවා. ඒ, ඉකුත් අගෝස්තු 12 වනදා  සිට ඔක්තෝම්බර් 31 වනදා දක්වා කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහායි. 

ඒ අනුව  නොවැම්බර් මස 30 වනදා දක්වා දඩ මුදල් අය කිරීමකින් තොරව ආදායම් බලපත්‍ර නිකුත් කරන බවයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ එම් සී ජයන්ති විජේතුංග පැවසුවේ.

මේ අතර සබරගමුව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී ද දඩ මුදල් අය නොකිරීමට තීරණය කළ බව පළාත් ප්‍රධාන ලේකම් එම් ඩී රංජනී ජයකොඩි සදහන් කළා. එලෙස දඩ මුදල් අය නොකෙරෙන්නේ ඉකුත් අගෝස්තු 15 වනදා සිට ඔක්තෝම්බර් 29 වන දින දක්වා කාලය තුළ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා බවයි සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්වරිය වැඩිදුරටත් සදහන් කළේ.