Wednesday, May 15, 2024

General line - 0115112241

පරිගණක පද්ධතියේ ගැටළුව තවදුරටත් - කල් ඉකුත් වූ වාහන ආදායම් බලපත්‍රවලට සහනයක්




පරිගණක පද්ධතිය වරින්වර බිද වැටීම හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර ලබාගන්නා පුද්ගලයන්ට සහන කාලයක් ලබාදීමට බස්නාහිර පළාත් සභාව තීරණය කර තිබෙනවා. ඉකුත්දා රට යළි විවෘත කිරීමත් සමග එකවර වැඩි පිරිසක් ඔන් ලයින් ක්‍රමය හරහා වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම හේතුවෙන් මෙලෙස පරිගණක පද්ධතිය වරින්වර බිද වැටුණා. 

මේ හේතුවෙන් ඉකුත් අගෝස්තු මස 12 වන දින සිට ඔක්තෝම්බ් 31 වනදා දක්වා ආදායම් බලපත්‍ර කල් ඉකුත් වන බස්නාහිර පළාතේ වාහන සදහා සහන කාලයක් ලබාදෙන බවයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ එම් සී ජයන්ති විජේතුංග පැවසුවේ. ඒ අනුව අදාළ කාලසීමාවේ ආදායම්  බලපත්‍ර කල් ඉකුත්වන වාහන සදහා නොවැම්බර් 30 වන දින දක්වා දඩ අය කිරීමකින් තොරව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කෙරෙනවා. 

මේ අතර පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සදහා මේ වනවිටත් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණික නියෝජිත ආයතනය අවශ්‍ය කටයුතු සිදුකරමින් ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළා.

මේ අතර සබරගමුව පළාතේ ද වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී සහන ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉකුත් අගොස්තු මස 15 වන දින සිට ඔක්තෝම්බර් 29 වන දින දක්වා කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සදහා දඩ මුදල් අය නෙකරන බවයි සබරගමුව පළාත් සභාව සදහන් කළේ.