Wednesday, May 15, 2024

General line - 0115112241

සිසුන්ට එන්නත දෙන්න පාසල් යනවාද? ගුරු විදුහල්පතිවරුන් තවමත් වැට උඩ




පාසල් ළමුන් සදහා සිදුකෙරෙන එන්නත්කරණ වැඩසටහනට සහාය ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වර්ජනයේ නිරත ගුරු විදුහල්පතිවරුන් පවසනවා. එම වැඩසටහන සම්බන්ධයෙන් අදාළ අංශ තමන් මෙතෙක් දැනුවත් කරන නොමැති බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං පැවසුවේ.

ළමුන් 200 ට අඩු පාසල් ලබන 21 වනදා සිට යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඉකුත්දා තීරණය කළා. අවුරුදු 18 සහ 19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමද එදින සිට ආරම්භ කිරීමටයි ඊයේ රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී තීරණය වුණේ. එහෙත් සිය ගැටළුවලට ලබන 21 වනදාට පෙර පිළිගත හැකි විසදුම් නොලැබුනහොත් වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං පැවසුවේ.