Wednesday, May 15, 2024

General line - 0115112241

වසර 07කට පසුව ලංකා සතොසට රුපියල් කෝටි 400ක ලාභයක්




වසර 07කට පසුව ලංකා සතොස රුපියල් කෝටි 400ක ලාභයක් ඉකුත් මාසයේදී උපයා ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ලංකා සතොස ඉතිහාසයේ මසකදී ලැබූ වැඩිම ආදායමද මෙය බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රත්නපුර නගරයේ ලංකා සතොස නව අලෙවි සැල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්  අමාත්‍යවරා මේ බව සඳහන් කළා.

මෙම වසර අවසාන වීමට පෙර ලංකා සතොස අලෙවි සැල් පිහිටා නොමැති ප්‍රදේශවල එම අලෙවි සැල් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.