Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දියාව කොරෝනා එන්නත් මාත්‍රා කෝටි 100 කඩඉමට ලගාවෙයි




තම රට  මේ වනවිට ලබාදී ඇති කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා සංඛ්‍යාව කෝටි සියයේ කඩඉමට ලගාවෙමින් ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය 17 වනදා වනවිට ඉන්දියාව තුළ ලබාදී තිබූ  කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා සංඛ්‍යාව අනූහත් කෝටි හැටපන් ලක්ෂයක් වූ බවයි.

මෙම එන්නත් මාත්‍රා ප්‍රමාණය ලබාදීම සදහා එන්නත්කරණ සැසි අනූහය ලක්ෂ හතලිස් හය දහස් හාරසිය අසූ පහක් පවත්වා ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.

මේ අතර  ඉන්දියාවේ කෝවිඩ් අසාදිතයන් වාර්තාවීම ද කැපී පෙනෙන ලෙස අඩුවී තිබෙනවා.

මාස හතකට පසු ඊයේ දිනයේදී ඉන්දියාවේ සක්‍රීය කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ දෙකකට අඩුවෙන් වාර්තා වුණා.

එය පසුගිය මැයි මාසයේ පැවති තත්වයට වඩා  සියයට අනූපහක  අඩුවීමක් බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ.

මේ අතර ගතවූ පැය විසිහතර තුළ සමස්ත ඉන්දියාවෙන්ම වාර්තා වී ඇත්තේ කෝවිඩ් ආසාදිතයන් 13,596 ක් සහ මරණ 166ක් පමණයි.

එහිදී, දිල්ලි ,උත්තර ප්‍රදේශ් වැනි ප්‍රාන්තවලින් කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවීමද සුවි⁣ශේෂී තත්වයක්.