Friday, September 20, 2024

General line - 0115112241

‘සියවසේ ඔලිම්පියානුවාට‘ ඔච්චම් කළ ක්‍රීඩකයාගෙන් ගත් සිව් වසරක පලිය (PHOTOS)



මෙවර රියෝ ඔලිම්පික් උළලේ බොහෝ දෙනා කතා බහ කරන ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ ඇමරිකානු පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස්.

ඔහු ඊයේ (10) සිය 23වන ඔලිම්පික් රන් පදක්කමත් දිනා ගැනීමට සමත් වූවා.

කෙසේ වෙතත් 20 වන රන් පදක්කම ලෙස මීටර් 200 සමනලාර ඉසව්වෙන් ලබා ගැනීමට සමත් වුණා.

පසුගිය ඔලිම්පික් තරඟවලියේදී මෙම පදක්කම දිනාගත්තේ දකුණු අප්‍රිකානු පිහිනුම් ශුරයෙකු වන Chad Le Clos.පෙල්ප්ස් එහදී හිමි කරගත්තේ රිදී පදක්කමයි.

එම නිසා 2012 වසරේ පෙල්ප්ස්ට තනි පිහිනුම් ඉසව්වකින් පිට පිට රන් පදක්කම් 3ක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුණා.

Chad Le Clos මෙවරද මයිකල් පෙල්ප්ස් සමග අවසන් තරඟයට මුහුණ දුන් අතර ඔහු පරාජය කරමින් රන් පදක්කම ලබා ගැනීමට මයිකල් පෙල්ප්ස් සමත් වුණා.මෙහිදී Le Closට ලබාගත හැකිවූයේ හතරවන ස්ථානයයි.

තරඟයෙන් අනතුරුව මයිකල් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ ‘‘එය පළිගැනීමක් දැයි මා දන්නේ නෑ,නමුත් එය පළිගැනීමක් වගේ තමයි .මෙය ඉතා උද්වේගකර තරඟයක් වුණා, මා හොඳින් මම තරඟයට පෙර සූදානම් වුණා‘ යන්නයි.

තවද මෙම ඉසව්වේ ශුරයා තමා බැවින් නැවත කිසිදිනෙක මෙම තරඟ ඉසව්ව සඳහා නැවත ක්‍රීඩා නොකරන බවද ඔහු පවසා තිබෙනවා.

කෙසේ වෙතත් තරඟය අතරතුරදී පසුගිය ඔලිම්පික් තරඟාවලියේ රන්පදක්කම් ලාභියා වූ Chad Le Clos තමා පසුකර යන මයිකල් පෙල්ප්ස් දෙස බලා සිටින ඡායාරූපයද, තරඟයට පෙර මයිකල් පෙල්ප්ස් ඉදිරියට පැමිණි Le Clos මයිකල් පෙල්ප්ස්හට ඔච්චමට මෙන් හැසිරුණු ආකාරයද විදෙස් මාධ්‍ය තුළ මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි වලද කතා බහට ලක්වෙමින් තිබෙනවා.

370F0E4F00000578-3732522-image-a-181_1470803018561

370F0F4300000578-3732522-image-a-178_1470802968174

370F1A0900000578-3732522-image-a-57_1470795255271

370F192100000578-3732522-image-a-55_1470795153097