Friday, May 3, 2024

General line - 0115112241

රාජකීය පණ්ඩිත පූජ්‍ය මුරුංගස්යායේ ඥානිස්සර හිමියන් අපවත්වෙයි 




ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සහ ප්‍රංශයේ ජේතවන විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය මුරුංගස්යායේ ඥානිස්සර හිමියන් අපවත් වි තිබෙනවා. 

උන්වහන්සේ ඉකුත් 21වන දා පැරිස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම පවත්වා ශ්‍රී ලංකාවට වැඩම කළ අතර උන්වහන්සේ  මෙරටදී දරුවන් පිරිසකට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයකටද එක්වුණා. 

ශ්‍රී ලංකාවට වැඩම කළ උන්වහන්සේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු අපවත් වී අපවත් වූ අතර අපවත්වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 76ක්. 

දශක 03කට අධික කාලයක් ප්‍රංශයේ වැඩවිසූ රාජකීය පණ්ඩිත පූජ්‍ය මුරුංගස්යායේ ඥානිස්සර හිමියන් මෙරට ජනතාව වෙනුවෙන් සමාජ සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. 

උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ උන්වහන්සේගේ අපවත් වීමෙන් ලද හිඩැස කලකට පිරිමැසිය නොහැකි බවයි.