Friday, May 3, 2024

General line - 0115112241

කූරගල නෙත් කඨීන පිංකම සාර්ථකව අවසන්




ඓතිහාසික කූරගල පුදබිමේදී පළමු වරට සංවිධාන කළ නෙත් එෆ් එම් කඨින මහා පුණ්‍යෝත්සවය අද පස්වරුවේ සාර්ථකව අවසන් වුණා. 

ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.

සෑම වසරකම නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නෙත් කඨින මහා පිංකම මෙවර පැවැත්වුණේ 08 වන වරටයි.

අන්තවාදීන්ගේ විවිධ තර්ජනයන්ට මුහුණ දී තිබූ කූරගල පුදබිම යළි සමස්ථ ජාතියටම තිළිණ කිරීමෙන් පසු නෙත් එෆ් එම් කඨින මහා පූජෝත්සවය මෙවර ඓතිහාසික කූරගල පුදබිමේදී සංවිධාන කෙරුණේ පළමු වරටයි.