Friday, May 3, 2024

General line - 0115112241

අධිකරණ ඇමතිගේ ඉල්ලා අස්විමේ ලිපිය ජනපති භාර නොගනී




කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට ජනාධිපති නීතිඥ අලි සබ්රි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගෙන නැතැයි වාර්තා වනවා. 

අධිකරණ අමාත්‍යවරයා ඉකුත් සිකුරාදා ජනාධිපතිවරයා හමුවී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. 

එක රටක්, එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ ඇතැම් කරුණුවලට එරෙහිව අධිකරණ අමාත්‍යවරයා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් විමට තීරණය කර තිබුණා. එම බලකායට රටේ නිීති සකස් කිරීමට බලයක් නොමැති බවත්, එසේ සිදුකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් අමාත්‍යවරයා, ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ පෙන්වාදී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. 

නීති සකස් කළයුත්තේ අමාත්‍ය මණ්ඩලය හරහා නීති කෙටුම්පත් සම්පාදක විසින් බවයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත පෙන්වා දී ඇත්තේ. 

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ එක රටක් - එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කළේ තමාට උපදෙස් ලබා ගැනීමේ අරමුණින් පමණක් බවයි. 

නීති සකස් කිරීමේ කටයුතුවලදී අධිකරණ අමාත්‍යවරයාගේ දායකත්වය ලබා ගන්නා බවද ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යවරයා වෙත එහිදී දැන්වූ බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් සඳහන් කළේ.