Friday, May 3, 2024

General line - 0115112241

රුපියල් කෝටියක වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට 




පානදුර තන්තිරිමුල්ල ප්‍රදේශයේදී රුපියල් කෝටියක වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පානදුර දකුණ පොලීසිය පැවසුවේ සැකකරු සිය ඇදුමෙහි සඟවා මෙම හොරොයින් තොගය ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි. ඔහු සන්තකයේ තිබී හෙරොයින් අඩංගු කුඩා පැකට් 3,600 ක් සොයාගෙන තිබෙනවා. 

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සලිදු නැමැත්තාට මෙම මත්ද්‍රව්‍ය අයත් බවටයි පොලීසිය අනාවරණ කර ගෙන ඇත්තේ. ඔහුගේ සමීපතමයෙකු වන බන්ධනාගාරගත කර සිටින රැදවියෙකු විසින් ලබාදුන් තොරතුරකට අනුව අත්අඩංගුවට ගැණුනු සැකකරු මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියා. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ වලපල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක් වන පුද්ගලයෙක්. පානදුර දකුණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චමින්ද්‍ර පිංතු, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රෝහණ සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.