Friday, May 3, 2024

General line - 0115112241

ඉදිරි පැය 24තුළ මිලි මීටර් 150 ඉක්මවු තද වැසි




ඉදිරි පැය 24තුළද ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 150 ඉක්මවු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට එලෙස මිලි මීටර් 150 ඉක්මවු තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේනත්තුව සඳහන් කළේ. 

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කාර්යයෙන් නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු. 

ඉදිරි දින කිහිපය තුළ ගිනිකොන බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රීතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.  

මේ අතර පවතින අධික වැසි හේතුවෙන් පුද්ගල මරණ 05ක් වාර්තා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ.

පවතින අධික වැසි හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ. 

මේ අතර බදුල්ල, මාතලේ, කෑගල්ල, මහනුවර, කුරුණෑගල, ගාල්ල, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇගවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.