Saturday, May 4, 2024

General line - 0115112241

සියළු කාර්යාල දුම්රිය ද අද සිට ධාවනයට




සියළු කාර්යාල දුම්රිය ද අද සිට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද දින දුම්රිය ගමන් වාර 302 ක් ක්‍රියත්මක බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ

ලංගම සහ පෞද්ගලික බස්රථවල තවදුරටත් රැගෙන යා හැක්කේ ආසනගත මගීන් සංඛ්‍යාව පමණයි.

මේ අතර බස්නාහිර පළාත තුළ ඊයේ සිදුකළ මෙහෙයුමකින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ මගී ප්‍රවාහන බස්රථ රියදුරන් 481 දෙනෙකුට පොලීසිය අවවාද කර තිබෙනවා. සුඛෝපභෝගි බස්රථ 60 ක රියදුරන්ද ඒ අතරට අයත් බවයි පොලීසිය පැවසුවේ.

ඊයේ පෙරවරු 11 සිට පස්වරු එක දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ මෙම මෙහෙයුමේදී මගී ප්‍රවාහන බස් රථ 1,089 ක් පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.

ඊට අමතරව සිල්ලර, වෙළදසැල්, ඔසුසල් සහ වෙනත් කුඩා වෙළදසැල් 1,220 ක් පරීක්‍ෂා කර ඇති අතර ඉන් වෙළදසැල් 495 කට අවවාද කළ බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.