Saturday, May 4, 2024

General line - 0115112241

අයවැය විවාදයට පෙර ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ විශේෂ සාකච්ඡාවක




අයවැය විවාදයට පෙර ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එහිදී යුගදනවි බලාගාරයේ ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ නෙත් නිවුස් වෙත පැවසුවේ.

මේ වනවිටත් එම ගිවිසුමෙහි සංශෝධනය විය යුතු කරුණු සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවත් සංශෝධනය විය යුතු තවත් කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.

යුගදනවි බලාගාරයේ ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂයේ නායකයින් සහ  ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත්දා පැවැත්වුණා.

එහිදී අමෙරිකානු සමාගමක් සමග එළ ඇති අවබෝධතා ගිවිසුමේ සදහන් රටට අහිතකර කරුණු සංශෝධනය කිරීමට අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මීට පෙර ප්‍රකාශ කළේ.