Friday, May 3, 2024

General line - 0115112241

ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලා චීන කාබනික පොහොර සමාගමෙන් එන්තරවාසියක්




මතභේදයට තුඩුදුන් චීන පොහොර සමාගම, ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවයෙන් ඩොලර් මිලියන අටක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

ඒ, විද්‍යාත්මක පරීක්‍ෂණ ප්‍රතිඵල උල්ලංඝණය කරමින් පරීක්‍ෂණ වාර්තා නිකුත් කිරීම සහ සාවද්‍ය පරීක්‍ෂණ ප්‍රතිඵල පිළිබද වැරදි ප්‍රචාරයන් සිදුකිරීමට එරෙහිවයි.

මේ හේතුවෙන් තමන්ට අලාභයක් සිදුව ඇති බවයි චීන සමාගම පෙන්වාදී ඇත්තේ.

සිය හිපෝ ස්පිරිච් නෞකාවේ අඩංගු කාබනික පොහොරවල අර්වීනියා හානිකර බැක්ටීරියාව අඩංගු නොමැති බවට චීන සමාගම එම එන්නතරවාසියෙන්ද ප්‍රකාශ කර ඇති බව සදහන්.

එන්තරවාසිය ලැබී දින තුනක් තුළ අදාළ වන්දි මුදල ගෙවිය යුතු බවටද චීන සමාගම එමගින් පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් එවැනි එන්තරවාසියක් මෙතෙක් ලැබී නොමැති බවයි ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවය සදහන් කරන්නේ.

කුමන හේතුවක් මත හෝ එම කාබනික පොහොර තොගය භාර නොගන්නා බවද ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්‍ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.