Tuesday, May 7, 2024

General line - 0115112241

නෙත් අනාවරණයෙන් පසු සල්ලිවලට පොලිස් මාරුවීම් හැදූ සිද්ධියේ පරීක්ෂණ CID යට




තමන් කැමති පොලිස් ස්ථානයකට ස්ථාන මාරුවීම් ලබාදෙන බව පවසමින් පොලිස් නිලධාරීන්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයෙකු පිළිබඳ නෙත් නිවුස් කළ අනාවරණය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ අදාළ සිද්ධිය කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තමා වෙත වාර්තාවක් යොමු කරන ලෙසයි 

පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධයක් නොමැති සම්පත් ජයකොඩි නමැති පුද්ගලයෙකු විධිමත් පටිපාටියෙන් බැහැරව ස්ථාන මාරුවක් සකස් කරදීම සඳහා මුදල් ඉල්ලා සිටින ආකාරය නෙත් නිවුස් ඉකුත් දා අනාවරණ කළේ හඬපට ද සහිතවයි. 

මෙම පුද්ගලයා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ගේ සහ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම අවභාවිත කරමින් විවිධ ප්‍රදේශවල පොලිස් නිලධාරීන්ගෙන් මුදල් ලබාගන්නා බවටයි එහිදී තොරතුරු හෙළි කළේ. අමාත්‍ය සරත් වීරසේකර පැවසුවේ සැකකාර පුද්ගලයා මහජන ආරක්ෂක අමාත්‍යංශයට කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි.