Thursday, May 16, 2024

General line - 0115112241

සහුල් හමීඩ් මොහොමඩ් මුජහීර් මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා යළි වැඩ භාර ගනී




මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සහුල් හමීඩ් මොහොමඩ් මුජහීර් අද යළි වැඩ භාර ගත්තා.

දූෂණ හා වංචා රැසකට සම්බන්ධ බව කියමින් උතුරු පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාරවරිය වූ පී එස් එම් චාල්ස් විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් සහුල් හමීඩ් එම ධූරයෙන් නෙරපනු ලැබුවේ ඉකුත් සැප්තැම්බර් මස 12 වන දිනයි.

උතුරු පළාත සඳහා නව ආණ්ඩුකාරවරයා වශයෙන් ජීවන් ත්‍යාගරාජා පත්වීමෙන් පසු ඔහු වෙත ඉදිරිපත් කෙරුණු අභියාචනයක් අනුව හිටපු ආණ්ඩුකාරවරිය නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කෙරුණා.

සහුල් හමීඩ් මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිධූරයේ යළි වැඩභාර ගත්තේ ඒ අනුවයි.