Thursday, May 9, 2024

General line - 0115112241

බදුරලිය රෝහලේ සේවිකාවක් නිසා රෝගීන් සහ කාර්යමණ්ඩලය දැඩි අපහසුතාවක 




බදුරලිය රෝහලේ සේවිකාවකගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් රෝගීන් මෙන්ම රෝහල් කාර්යමණ්ඩලයද දැඩි අපහසුතාවට පත්ව ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වනවා. 

මෙය රෝගීන්ට මෙන්ම රෝහල් කාර්යමණ්ඩලයට ද මානසික පීඩනයක් බවයි බොහෝ දෙනා පවසන්නේ. 

මේ, පවතින තත්ත්වය පිළිබදව නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධම්මික රණසිංහ.

තමන් මේ පිළිබඳ රෝහල් බලධාරීන් සහ දේශපාලන අධිකාරිය අවස්ථා කිහිපයකදී දැනුවත් කළද ඊට මෙතෙක් නිසි විසදුම් ලබාදී නොමැති බවයි පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධම්මික රණසිංහ වැඩිදුරටත් සඳහන් කළා.