Wednesday, May 8, 2024

General line - 0115112241

උතුරට අද මිලිමීටර් 100 ඉක්මවූ වැසි




ඊසාන දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය බටහිර දෙසට බරව ගමන් කර අද දිනයේ ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශයට යාබද උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ඇතුලු වීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

මෙම අඩු පීඩන කලාපය හේතුවෙන් අද දිනයේදී උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ. 

වයඹ පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවු වැසි ද අපේක්ෂා කළ හැකියි. 

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ඌව පළාතෙත්, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇති විය හැකියි.