Wednesday, May 8, 2024

General line - 0115112241

ඉදිරියේදී පුනරුත්ථාපනය සදහා යොමු කරවන සංඛ්‍යාව වැඩි කිරී්මට පියවර 




මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් බන්ධනාගාරගත කිරීමෙන් ඔවුන් එම තත්වයෙන් මුදාගැනීම අපහසු ක්‍රියාවලියක් වන බැවින් ඉදිරියේදී පුනරුත්ථාපනය සදහා යොමු කරවන සංඛ්‍යාව වැඩි කිරී්මට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. 

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පැවසුවේ නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඉදිකරමින් ඉදිරි වසර කිහිපය තුළ පුනරුත්ථාපනය සඳහා යොමු කරවන සංඛ්‍යාව 8,000 ක් දක්වා වැඩි කරන බවයි. 

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවු කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා අවධානය යොමුව ඇති බැවින් ඉදිරියේදී නව මධ්‍යස්ථාන ඉදිකිරීමේදී ඒ සඳහා ද අවස්ථාව වෙන් කරන බවයි   අමාත්‍යවරයා පැවසුවේ.

පුනරුත්ථාපනය කරනු ලබන පුද්ගලයින් සමාජගත කිරීමේදී ඔවුන්ට විවිධ ආකාරයේ වෘත්තිය රැකියා අවස්ථාවන්හි නිරත වන ආකාරයේ පුහුණුවීම් මේ වන විට ලබාදෙමින් සිටිනවා. 

ඉදිරියේදී ඔවුන්ට විදේශ රැකියාවන්හි නිරත විය හැකි ආකාරයට පුහුණුවීම් ලබාදීමට කටයුතු යොදා ඇති බවයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි පැවසුවේ. 

මත්ද්‍රව්‍ය සඳහා යොමුව සිටින පුද්ගලයින් හේතුවෙන් සමාජය විශාල වශයෙන් පීඩාවට පත්ව සිටින බැවින් ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා ජාතික වැඩ පිළිවෙළක් ආරම්භ කළ යුතුව ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.