Thursday, May 9, 2024

General line - 0115112241

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272 ක්




ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272 ක් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා. 

ඒ අනුව ජේ්‍යෂ්ඨ මට්ටමේ තනතුරු 17 ක්, තෘතියික මට්ටමේ තනතුරු 113 ක් සහ ද්විතීක මට්ටමේ තනතුරු 121 ක මෙන්ම ප්‍රාථමික මට්ටමේ තනතුරු 19 ක පුරප්පාඩු පවතින බවයි එම කාරක සභාවේදී අනාවරණ වුණේ. 

මෙම පුරප්පාඩු හේතුවෙන් සිය දෙපාර්තමේන්තුවේ කාර්්‍යසාධනයට බාධා එල්ලවී ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පෙන්වා දී තිබෙනවා. 

එම පුරප්පාඩු පිරවීමට ඉල්ලීම් කර ඇති අතර එම තනතුරු කඩිනමින් පිරවීමට කටයුතු කරන ලෙසයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර ඇත්තේ.