Wednesday, May 8, 2024

General line - 0115112241

ඇස් පෙනීම අඩු රැඳවියන් 40 දෙනෙකුට අක්ෂි කාච




ඇස් පෙනීම අඩු රැඳවියන් 40 දෙනෙකුට අක්ෂි කාච බද්ද කිරීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. 

ඒ වැලිකඩ බන්ධනාගාර රෝහලේදීයි. වැලිකඩ බන්ධනාගාරය, වැලිකඩ කාන්තා බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ මැගසින් බන්ධනාගාරය යන බන්ධනාගාරවලින් අදාළ රැඳවියන් පිරිස තෝරා ගෙන තිබෙනවා. 

ඔවුන්ගෙන් වැඩි පිරිසක් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින රැඳවියන් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙම රැඳවියන්ට අක්ෂි කාච බද්ද කිරීම සිදුකරනු ලබන්නේ කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ පිරිසක් විසින්.  

ඔවුන් වැලිකඩ බන්ධනාගාරයට පැමිණ රැඳවියන්ට අක්ෂි කාච බද්ද කිරීම ද විශේෂත්වයක්. රැඳවියන් 40 දෙනෙකුට එක් දිනක් තුළ අක්ෂි කාච බද්ද කිරීම සිදු කරනු ලබන්නේ පළමු වරට බවයි වැලිකඩ  බන්ධනාගාර රෝහල පැවසුවේ.