Tuesday, May 7, 2024

General line - 0115112241

කෘෂි රසායනික සහ ශාක පෝෂක ආනයනයට අවසර




මහ කන්නයේ බෝග වගාවන් සදහා නිසි ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුත් කෘෂි රසායනික පොහොර සහ ශාක පෝෂක මෙරටට ගෙන්වීමට අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. 

ඒ අනුව වී, බඩඉරිගු, එළවළු, තේ, පොල් හා රබර් වගාවන් සදහා එලෙස කෘෂි රසායනික පොහොර සහ ශාක පෝෂක ගෙන්වීමට අදාළ අංශ වෙත අවසර දුන් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජේ්‍යෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ නෙත් නිවුස් වෙත පැවසුවේ. 

ඉකුත් දා කෘෂි විiාඥයින් ඇතුළු පිරිසක් විසින් සකස් කළ කෘෂි මාර්ගගත සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත භාරදුන්නා. හරිත කෘෂිකර්මාන්තයක් කරා එකවර ගමන් කළ නොහැකි බවත් අදියර දෙකක් යටතේ එය සිදුකළ යුතු බවත් එම සැලැස්මෙන් පෙන්වා දී තිබුණා. 

ඒ අනුව නිසි ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුත් කෘෂි රසායනික පොහොර මහ කන්නය සදහා මෙරටට ගෙන්වීමට අවසර හිමි වූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේ. 

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජේ්‍යෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ.

රජය විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීමත් සමග ඉකුත් සමය පුරා ගොවීන් විවිධ ප්‍රදේශවල විරෝධතාවල නිරත වුණා. 

ඒ, සිය වගාවන් සදහා රසායනික පොහොර යළි ලබාදෙන ලෙසට රජයට බල කරමින්.