Thursday, May 16, 2024

General line - 0115112241

අමෙරිකාව සිය පුරවැසියන්ට විශේෂ දැනුම් දීමක් කරයි




ඩෙන්මාර්කයේ සහ ජර්මනියේ සංචාරය නොකරන ලෙස අමෙරිකාව සිය පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ අමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් ලබාදී ඇති උපදෙස් අනුව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් එරට වැසියන්ට මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි.

ජර්මනිය හා ඩෙන්මාර්කය නව කොවිඩ් රැල්ලක අවදානමට ලක්ව ඇති පසුබිමක් තුළයි අමෙරිකාව එලෙස සිය පුරවැසියන්ට අනතුරු ඇගවීමක් නිකුත් කර ඇත්තේ.

මේ අතර අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මාධ්‍යස්ථානය මගින් කොරෝනා ව්‍යාප්තියේ අවදානම සහිත තවත් යුරෝපා රටවල් කිහිපයක්ම නම් කර තිබෙනවා. ඔස්ටි්‍රයාව, බෙල්ජියම, ග්‍රීසිය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, රුමේනියාව, අයර්ලන්තය හා චෙක් ජනපදය ඒ අතරට අයත්.

බ්‍රිතානයේ ද සැලකියු යතු පරිදි කොවිඩ් අවදානම ඉහළ ගොස් ඇති බවයි අමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.
යුරෝපය තුළ මීලග කොරෝනා රැල්ල ව්‍යාප්තවීම පාලනය නොකළහොත් ලබන මාර්තු මස වනවිට මරණ ලක්ෂ 05 ක් පමණ වාර්තා වනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත්තේ.