Tuesday, May 7, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකානු ඔම්ක්‍රොන් වෛරසය, ඩෙල්ටා වෛරසයටත් වඩා භායනක විය හැකි බවට පුරෝකථනයක්




දකුණු අප්‍රිකාවෙන් හදුනා ගැණුනු ඔම්ක්‍රොන් නැමති විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය ඩෙල්ටා වෛරස් ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යා හැකි බවට විද්‍යඥයින් අනුමාන කරනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍ය අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර.

පවතින තත්ත්වය හේතුවෙන් දකුණු අප්‍රිකානූ කලාපයේ රටවල් 06කින් මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට අද මධ්‍යම රාත්‍රීයෙන් පසු නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරීය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව මෙරටට ඇතුලු වීම තහනම් වන්නේ දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියාව, සිම්බාබ්වේ සහ ස්වාසිලන්තය යන රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ටයි. අදාල රටවල් හරහා පැමිණෙන ගුවන් මගීන්ටද මෙම සංචාරක තහනම අදාල වනවා.

එමෙන්ම අද දිනය තුළ අදාල රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කළ යුතු බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ. පවතින තත්ත්වය හමුවේ කඩිනමින් මෙම ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම පිළිබඳවද ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මෙලෙස කරුණු පැහැදිලි කළා.