Tuesday, May 14, 2024

General line - 0115112241

මෙරට අන්තර්ජාල පහසුකම් ගැන ජනතාවට සුභ පණිවිඩයක්




සුප්‍රකට SpaceX සමාගමේ චන්ද්‍රිකා අන්තර්ජාල අංශය වන Starlink ඔස්සේ මෙරටට අන්තර්ජාල පහසුකම් ලබාගැනීම සඳහා සාකච්ජා ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අද නිවේදනය කර සිටියා.

ශ්‍රී ලංකාව තුළ Starlink අන්තර්ජාල සේවා හඳුන්වාදීම පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහා SpaceX සමඟ මූලික වටයේ සාකච්ජා ආරම්භ කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටින්නේ.

නුදුරු අනාගතයේ දී අන්තර්ජාල සේවා මෙරට තුල ආරම්භ කිරීමේ නියාමන අංශ සහ පූර්ව අවශ්‍යතා සම්බන්ධයෙන් පළමු වටයේ පැවති සාකච්ජාවේ දී  අවධානය යොමු වූ බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ඉහලින්ම සිටින එලොන් මස්ක්ගේ රොකට් සමාගමක් වන SpaceX හි චන්ද්‍රිකා අන්තර්ජාල අංශය වන Starlink ඉකුත් නොවැම්බර් මස 01 වෙනිදා දින ඉන්දියාවේ සිය ව්‍යාපාරය ලියාපදිංචි කරනු ලැබුවා.