Saturday, April 27, 2024

General line - 0115112241

හැටන් ආපන ශාලාවක ගෑස් කාන්දුවකින් ඇති වූ ගින්නක් ගැන පොලිස් පරීක්‍ෂණ

රංජිත් රාජපක්‍ෂ




හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේ ආපනශාලාවක ගෑස් කාන්දුවකින් ඇති වූ ගින්න සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. එම ආපන ශාලාවේ අද පෙරවරුවේ මෙම පිපිරීම සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

තමන් උදෑසන ආහාර පිසිමින් සිටියදී ගෑස් බට නලය එකවර පිපිරීමෙන් ගින්න ඇති බවට වෙළදසැලේ හිමිකරු පවසා තිබෙනවා. ගින්නෙන් වෙළද සැලට හානි සිදුව ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළා.