Saturday, May 18, 2024

General line - 0115112241

විදුලි ඉංජිනේරුවන් හදිසියේ ගත් තීරණය




දැනට අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතව සිටින ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද සවස සිට හදිසි විදුලි බිඳ වැටීම සේවාවන් ගෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

සිය පැය 8 සේවා කාලයෙන් බාහිරව හදිසි විදුලි බිඳ වැටීම් යථා තත්ත්වය⁣ට පත් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බවයි එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු අද පස්වරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඉකුත් නොවැම්බර් මස 25 වෙනිදා සිට මේ දක්වා අකුරට වැඩ කිරීමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටිනවා.