Saturday, May 18, 2024

General line - 0115112241

ගඳ - සුවඳ බලා ගෑස් වෙළඳපොළට දෙන්නත් අවධානය




දින කිහිපයක සිට සිදුවන ගෑස් ටැංකි පුපුරායෑම පිළිබඳ පාර්ශව කිහිපයක අදහස් ගැනීමට සහ ඊට විසදුම් විමසීමට වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී අද පැවැත්වුණා. 

මෙහිදී ගෑස් පුපුරා යෑමට අදාළව පැමිණ සිටි සියලු පාර්ශවවලින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබාගැනීම සිදුව තිබෙනවා. 

ඒ අනුව ගෑස් සංයුතියේ වෙනස් කිරීම වත්මන් පුපුරායෑම් වලට බලපෑමක් කළේද, උපාංවල ප්‍රමිතිය සහ ගෑස්වල ගඳ සුවඳ පිළිබඳ පරීක්ෂාකොට වාර්තාවක් ලබාගෙන ගෑස් වෙළඳපොලට නිකුත් කිරීම පිළිබඳවද, මෙහිදී සාකච්ඡා කෙරුණා. 

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තා සති දෙකක් ඇතුළත ලබාගෙන එම නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද, මෙරටට ගෙන්වන ගෑස් රටට ඇතුලු කිරීමට පෙර නැව තුළදීම ප්‍රමිතිය පරීක්ෂාකිරීම පිළිබඳවද එකඟතාවයන්ට පැමිණීම මෙහිදී සිදු වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පැවසුවේ තම ආයතනය වෙත බලය ලබා දී ඇත්තේ LPG රහිත ගෑස් සිලින්ඩර ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලද යන්න පරීක්ෂා කිරීමට පමණක් බවයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී සේනාරත්න පැවසුවේ කපාට, රේගියුලේටර් සහ හෝස් සඳහා ප්‍රමිතීන් නිකුත් කර ඇති බැවින් එහි අනුකූලතාව නිරීක්ෂණය කිරීම පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ වගකීම බවයි.