Saturday, May 18, 2024

General line - 0115112241

උතුරේ රත්‍රන් සෙවූ ඇමති ලේකම්ගේ වැඩ තහනම්




යුද සමයේදී මුලතිව්, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්‍රන් තොගයක් රහසිගතව ගොඩගැනීමට තැත්කළ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය වහාම අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. 

ඒ, ඔහු සම්බන්ධයෙන් පළවූ වාර්තා සැලකිල්ලට ගනිමින්. 

එම වාර්තාවන් හා සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට අදාළ අංශ වෙත ඉල්ලීමක් කර ඇති බවයි විෂය භාර අමාත්‍ය සරත් වීරසේකර පැවසුවේ.

වළදමා ඇති බව කියන රත්‍රන් තොගයක් රහසිගතව ගොඩගැනීමට තැත්කළ, කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ පුද්ගලික කාර්යය මණ්ඩලයට අයත් ලේකම්වරු දෙදෙනෙකු පිළිබඳ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. 

ඔවුන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාගේ සහ ධීවර අමාත්‍යවරයාගේ ලේකම්වරුන් බවට ද වාර්තා පළ වනවා.