Saturday, May 18, 2024

General line - 0115112241

අදත් ගෑස් අනතුරු - සංයුතියේ ප්‍රශ්ණයට තවමත් උත්තර නැහැ




අදත් ප්‍රදේශ කිහිපයකින් ගෑස් සම්බන්ධ අනතුරු කිහිපයක් වාර්තා වුණා. 

ඒ, මහනුවර, කටුගස්තොට, හැටන්, ගිරිඋල්ල, පානදුර, හුංගම, දඹුල්ල සහ තලවකැලේ යන ප්‍රදේශවලින්. මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේදී ගෑස් කාන්දුවකින් නිවසක සිදු වූ ගින්නෙන් කාන්තාවක් ද බරපතළ පිළිස්සීම් තුවාල ලබා තිබෙනවා. 

මහනුවර අකුරණ මැංගුස්වත්ත ප්‍රදේශයේ නිවසකද ගෑස් ළිප පුපුරා ගොස් ඇති බවටයි වාර්තා පළ වන්නේ. 

හැටන්, දිඹුල පොඩ්ලි වතුයායේ නිවසක ගෑස් නළය හා රෙගියුලේටරය පුපුරා ගොස් සිදුවූ අනතුරක් ද වාර්තා වුණා.

ගිරිඋල්ල කම්කරු නිවාස අසල නිවසක මුළුතැන්ගෙයක ද ගෑස් කාන්දු වී පිපිරීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පානදුර, එළුවිල, ප්‍රදේශයේ නිවසකින් ගෑස් කාන්දුවී සිදුවූ පිපිරීමක් ද වාර්තා වනවා. හුංගම, ඇත්බටුව ප්‍රදේශයේ නිවසක ද ගෑස් උඳුනක් පිපිරී ගොස් තිබෙනවා. 

තලවකැලේ, දුම්රියපොළ මාර්ගයේ නිවසක මුළුතැන්ගෙයි තිබු ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කළ ගෑස් නලය සහ ගෑස් ළිප පුපුරා ගොස් ඇති බවයි තලවකැලේ පොලීසිය පැවසුවේ. 

දඹුල්ල මැණික්දෙන ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයි තිබූ ගෑස් ළිප පුපුරාගොස් ඇති බවට දඹුල්ල පොලීසියට ද පැමිණිල්ලක් ලැබී තිබෙනවා. 

මේ අතර මේ වන විට සිදුවන ගෑස් අනතුරු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලද අද අදහස් පළ කළා.

මේ අතර හදිසි අවස්ථාවකදී 1311 හදිසි ඇමතුම් අංකය අමතන ලෙසයි ලිට්රෝ ගෑස් සමාගම දැනුම් දෙන්නේ.