Saturday, May 18, 2024

General line - 0115112241

ගෑස් සංයුතිය ගැන ලිට්‍රෝ ගෑස් සමාගම ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි 




මෙරට වෙළඳපොළේ ඇති ගෑස් සිලින්ඩරවල ගෑස් සංයුතිය සම්බන්ධයෙන් තුන්වන පාර්ශවයකින් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතු බව ලිට්‍රෝ ගෑස් සමාගම අද පැවසුවා. 

එම සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ වික්‍රමසිංහ කමලනාථ කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ සිදු කළ පරීක්ෂණ දෙකකින් ප්‍රතිඵල දෙකක් ලැබී තිබීම ඊට හේතුව බවයි.

මේ වන විට වෙළඳපොලේ ඇති ගෑස් සිලින්ඩරවල සංයුතිය නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ලීටර් 18 ගෑස් සිලින්ඩරය නිකුත් කළ ඉකුත් ජූලි මාසයේදී ගෑස් සංයුතිය වෙනස් කළද එම සිලින්ඩර් මේ වන විට වෙළඳපොලේ නොමැති බව ලිට්‍රෝ ගෑස් සමාගම මෙහිදී පැවසුවා. 

එම සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ වික්‍රමසිංහ කමලනාථ වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට නිකුත් කරන ගෑස් සිලින්ඩරවල ගෑස් සංයුතියේ කිසිදු වෙනසක් කර නොමැති බවයි.