Saturday, May 18, 2024

General line - 0115112241

රටේම විදුලිය බිද වැටීමේ අවදානමක්




රටේ හතරෙන් එකක් අඳුරේ තබමින් ඉකුත්දා සිදුවූ හදිසි විදුලි බිඳවැටීම වැනි සිද්ධින් ඉදිරියේදී සිදු වුවහොත් ඒවා යථාතත්ත්වයට පත් කිරීම ඉදිරිපත් නොවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චරිත ජයනාත් කියා සිටියේ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූවද ඉකුත්දා සිදුවූ හදිසි විදුලි බිද වැටීම යථාතත්ත්වයට පත් කිරීමට තම ඉංජිනේරුවරුන් සිය දායකත්වය ලබාදුන් බවයි.

හදිසි විදුලි බිද වැටීම් ඕනෑම මොහොතක සිදුවිය හැකි බවත්, එවැන්නක් සිදු වුවහොත් රටටම විදුලි බිඳවැටීමේ අවධානමක් ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

යුගදනවි බලාගාර ගිවිසුම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ ඉකුත් 25 වනදා සිටයි.