Saturday, May 18, 2024

General line - 0115112241

රටපුරා ගෑස් අලෙවියේ පහළ යාමක්




මේ වන විට ගෑස් පිළිබඳ පවතින තත්ත්වයන් හමුවේ ගෑස් අලෙවියේ යම් අඩුවක් දක්නට ලැබෙන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඒ අනුව කල සොයා බැලීමකදී හෙළි වුණේ ගෘහස්ථ ගෑස් අවසන් වුවද අලුතෙන් ගෑස් මිලදී ගැනීමට පාරිභෝගිකයින් කටයුතු නොකරන බවයි. 

ඒ වෙනුවට දර, භූමිතෙල් සහ විදුලි උඳුන් භාවිත කිරීමේ ප්‍රවණතාවය වැඩි වී ඇති බවට නෙත් නිවුස් කළ ගවේශණයේදී දැකගත හැකි වුණා. නෙත් නිවුස් හරහා මීට පෙර ද අනාවරණ කළේ භූමිතෙල් උඳුන් සහ විදුලි උඳුන්වල හිඟයක්ද වෙළඳපොලේ පවතින බවයි.

ගෑස් ආශ්‍රිත අනතුරු රැසක් දිගින් දිගටම වාර්තාවීමත් සමඟ ගෑස් භාවිතය සම්බන්ධයෙන් මේ වන විට මහජනතාවගේ දැඩි අවධානය යොමුව තිබෙනවා. 

ඒ අනුවයි ගෑස් අවසන් වුවද අලුතින් ගෑස් මිලදී ගැනීම ප්‍රමාද කිරීමට පාරිභෝගිකයින් කටයුතු කර ඇත්තේ. දීර්ඝ කාලගක් තිස්සේ ගෑස් භාවිත කරන පාරිභෝගිකයින් කිහිප දෙනෙකුගෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ පවතින අවධානම් තත්ත්වය සලකා මේ මොහොතේ ගෑස් මිලදී නොගන්නා බවයි. 

ගෑස් අලෙවියේ තරමක අඩුවක් ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම ද නෙත් නිවුස් වෙත තහවුරු කළා. ලාෆ් ගෑස් සමාගම පැවසුවේ පාරිභෝගික අවශ්‍යතාව සපුරාලීමට තරම්වත් ගෑස් තම සමාගම සතුව නොමැති බවයි.