Sunday, May 19, 2024

General line - 0115112241

බාල වයස්කාර දැරියක් දුෂණය කළ සැකකරුවෙකු අත්අඩංගුවට




රත්නපුර සිරිපාගම පොලිස් බල ප්‍රදේශයේ වයස අවුරුදු 12 යි මාස 11 ක දැරියක් අවස්ථා කිහිපයකදී දූෂණයට ලක් කළ සැකකරුවෙකු රත්නපුර දිස්ත්‍රික් අපරාධ විමර්ශණ කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරු රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු රත්නපුර ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක රියදුරෙකු ලෙස සේවය කර තිබෙනවා. දූෂණයට ලක්ව ඇති දැරියගේ මව එම ඇගලුම් කම්හලේ සේවය කර ඇති බවයි පොලීසිය පවසන්නේ. 

අදාළ කාන්තාව සේවය සඳහා රැගෙන යාමට සහ යළි නිවසට බැහැර කරන අවස්ථාවන්හිදී සැකකාර රියදුරා දූෂණයට ලක්වූ දැරිය සමඟ සබදතාවක් ඇති කරගෙන තිබෙනවා.

පසුගිය ඔක්තොම්බර් මස 03 වනදා සැකකාර රියදුරා සමග එම දැරිය නිවසින් පැනගොස් ඇති අතර ඔවුන් පැමිණ ඇත්තේ බියගම ගනේවත්ත ප්‍රදේශයේ නිවසකටයි. පසුගිය නොවැම්බර් 25 වනදා දක්වා සැකකරු සහ එම දැරිය අදාළ නිවසේ කල්ගත කර තිබෙනවා. ඒ, සැකකරුගේ දෙවන බිරිද ද සමඟයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ රත්නපුර දිස්ත්‍රික් අපරාධ විමර්ශණ කොට්ඨාසයේ නිලධාරීන් අදාළ නිවසට ගොස් ප්‍රශ්න කරන අවස්ථාවේ අදාළ දැරිය සැකකරුගේ දෙවන බිරිද හදුන්වා දී ඇත්තේ සිය මව ලෙසටයි. 

කෙසේවෙතත් පොලීසිය සිදුකළ ප්‍රශ්ණ කිරීම් හමුවේ තමන් අසත්‍ය ප්‍රකාශයක් කළ බව දැරිය විසින් පිලිගෙන ඇති අතර සැකකරු අතින් දූෂණයට ලක්වූ බවද ප්‍රකාශ කර තිබෙනවා. පොලීසිය විසින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා එම දැරිය රත්නපුර මහා රෝහල වෙත යොමු කර ඇති අතර වෛද්‍ය වාර්තා මගින් දැරිය දූෂණයට ලක්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.