Monday, May 20, 2024

General line - 0115112241

ගෑස් හෙට සිට යළිත් වෙළද පොළට




කොන්දේසීවලට යටත්ව හෙට සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර් වෙළද පොළට නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය මේ බව සඳහන් කළා. 

අදාල ගෑස් සමාගම් දෙක මගින් මෙරටට ආනයනය කරන ලද ගෑස් නැව් අධීක්ෂණය කිරීමට පත් කරන ලද කමිටුව, ප්‍රතීතන මණ්ඩලය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධීක්ෂණය යටතේ ලබා ගත් නියැදි ඛණිජ තෙල් සංස්ථාවේ පරීක්ෂණඝාරය වෙත යොමු කර තිබුණා. 

එම පරීක්ෂණ වාර්තාවන්ට අනුව අදාල තාක්ෂණික කමිටුවේ නිර්දේශයන් අනුව කොන්දේසී තුනකට යටත්ව හෙට සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළදපොළට නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම එහි කොන්දේසියක්, නව තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට අනුව ගඳ සුවද හදුනා ගැනීම සඳහා මර්කප්ටන් අඩංගු කිරීම තාක්ෂණික කමිටුවේ තවත් කොන්දේසියක් වනවා. 

නිෂ්පාදනය කරනු ලබන  ගෑස් සිලින්ඩර් නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම ගෑස් සිලින්ඩර් සියයකින් එකක් පරීක්ෂා කර සිීරියල් අංකය  පාරිභෝගික කටයුතු අධිකාරිය ලබා දීම තවත් කොන්දේසියක්. මෙම කරුණු සපුරා ගැනීම සඳහා සහ ගුණාත්මක භාවය සොයා බැලීමට පත් කළ කමිටුව දැනුවත් කිරීමෙන් පසුව එම කමිටුවේ නිරීක්ෂණයෙන් පසු ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළද පොලට නිකුත් කෙරුණු ඇති. 

ගෑස් සමාගම් දෙකේ නිෂ්පාදන ක්‍රියාවලිය ඕනෑම් අවස්ථාවක අදාල කමිටුවට නිරීක්ෂණය කළ හැකි වන පරිදි එම සමාගම් කටයුතු කළ යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

පාරිභෝගික අධිකාරීය අද ගත් තීරණය සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ කළා. 

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න.