Monday, May 20, 2024

General line - 0115112241

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සභා ගර්භයෙන් ඉවත් වෙයි




විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් වුණා. ඒ, මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට පහර දීමට තැත් කළ බව කියන සිද්ධියක් මුල් කර ගැනිමින්. ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ අතර එම සංවාදයට සංජීව එදිරිමාන්න මන්ත්‍රිවරයාද එක් වුණා. 

අනතුරුව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ ජේ සී අලවතුවල මන්ත්‍රීවරයා අතර ඇති වුයේ මෙවන් සංවාදයක්. 

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුද අනතුරුව අදහස් පළ කළා.