Thursday, May 16, 2024

General line - 0115112241

චීන - අමෙරිකා අර්බුදය ක්‍රීඩාවටත් රිංගයි




චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2022 සීත ඍතු ඔලිම්පික් උළෙල රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වර්ජනය කරන බව අමෙරිකාව පවසනවා.

ඒ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ තීරණයකට අනුවයි.

ඒ අනුව බීජිං සීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා අමෙරිකාව නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී කණ්ඩායමක් සහභාගී නොවනු ඇති.

චීනයේ දුර්වල මානව හිමිකම් කටයුතු පිළිබඳ වාර්තා සැලකිල්ලට ගනිමින් එලෙස සීත ඍතු ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමට තීරණය කළ බවයි ධවල මන්දිරය ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් පුහුණුව ලැබූ අමෙරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමෙරිකානු රජයේ පූර්ණ සහය යටතේ සීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වීමට හැකි බව ධවල මන්දිරය ප්‍රකාශ කළා.

සීත ඍතු ඔලිම්පික් උළෙල වර්ජනය කිරීම සඳහා අමෙරිකාව ගත් තීරණයට ප්‍රතිචාර දක්වමින් චීනය පවසන්නේ ඔවුන්ගේ පැමිණීම කිසිවෙකු විසින් තැකීමකට ලක් නොකරනු ඇති බවයි.

එමෙන්ම අමෙරිකාවේ සහභාගීත්වය හෝ නොපැමිණීම ඔස්සේ බීජිං 2022 ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සාර්ථකත්වයට කිසිඳු බලපෑමක් එල්ල නොවනු ඇති බවයි චීනය පවසන්නේ.